Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියා - ශ්‍රී ලංකා මීළඟ තරගය නරඹන්න එන ක්‍රීඩා ලෝලීන්ට තහනම් දේවල් මෙන්න

කසුන් කැලුම්




ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙන එ්ම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර තිබෙනවා.

එ් අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර නෙත් නිවුස් වෙත පැවසුවේ.

එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන එ්ම තහනම්. 

ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇති.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන  තරග සඳහා ආරක්ෂාව දැඩි කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. එ් රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ දී සහ පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී කී‍්‍රඩා ලෝලීන් පිරිසක් නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙන්. 

කොළඹ ආර්. පේ‍්‍රමාදස කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද ආරක්ෂාවට යොදවන බවයි.

එමෙන්ම පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක බවයි ඔහු සදහන් කලේ. යම් උණුසුම්කාරී තත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීමට කැරළි මර්දන එ්කක සහ පොලිස් ජල ප‍්‍රහාරක රථ ද යෙදවීමට කටයුතු යොදා තිබෙනවා. 
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවන එක්දින තරගය හෙට සහ පස්වන එක්දින තරගය ලබන සැප්තැම්බර් මස 03 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පන්දුවාර විස්ස තරගය ලබන සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වෙනවා.