Saturday, April 27, 2024

General line - 0115112241

බංග්ලාදේශයට ඓතිහාසික ක්‍රිකට් ජයක්!




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කරමින් ඓතිහාසික ටෙස්ට් කි‍්‍රකට් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (30) සමත් වුණා. ඒ, දෙරට අතර පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලකුණු 20 කින් ජය ගනිමින්. මෙම තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 260 ක් රැස් කළ අතර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 217 ක් පමණයි.

බංග්ලාදේශ පිළ දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 221 ක් රැුස් කළා. ඒ අනුව ජයග‍්‍රහණය සදහා  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 265 ක්. කෙසේවෙතත් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට දෙවන ඉනිමේදී ලබාගත හැකි වුයේ ලකුණු 244 ක් පමණයි.

ඬේවිඞ් වෝනර් ලකුණු 112 ක් රැස් කළද  ඕස්ටේ‍්‍රලියානු සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. පන්දුවෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් දෙවන ඉනිමේදී ලකුණු 85 කට කඩුලූ 5 ක් බිද හෙලූවා.