Saturday, April 27, 2024

General line - 0115112241

චීනය දැනටමත් අපෙන් පාඩමක් ඉගෙන ගෙන - චීනයේ බලය ඉන්දියාව අතට

වසන්ත පිවිතුරු




දකුණු ආසියානු කලාපයේ චීනයේ බලය සම්පූර්ණයෙන් බිඳ දමන බව ඉන්දියාව පවසනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව අවශ්‍ය පසුබිම දැනටමත්  සලසා ඇති බවයි එරට ආරක්ෂක අංශය පවසා ඇත්තේ.

චීන  භූතාන දේශ සීමාවේ දී පසුගියදා ඉන්දියාව තම බලය තහවුරු කිරිමට සමත් වුණා. එහිදී චීනය තමන්ගෙන් පාඩමක් ඉගෙන ගෙන ඇති බවයි ඉන්දියාව පෙන්වා දී ඇත්තේ.  

කෙසේ වෙතත් දකුණු ආසීයානු කලාපයේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, භූතානය, බංගලාදේශය, නේපාලය වැනි රටවල  චීනය තම බලය තහවුරු කිරිමට සැරසෙන බව ඉන්දියාව පෙන්වා දෙන අතර මෙම මස 3 වන දින බ්‍රසීලයේ දී පැවත්වීමට නියමිත 9 වන බ්‍රික්ස් සමුළුවේ දී මෙම පිළිබදව අනාවරණය කරන බවයි ඉන්දීය ආරක්ෂක අංශය පවසන්නේ.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් නියෝජනය කරන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදී ඇමතීමට නියමිතයි.