Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මහ සමුළුව හෙට! හිටපු ජනපතිගේ ඇරයුම්පත නිල නිවසට බාරදෙයි!




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 66 වන සමුළුවට සහභාගි වන ලෙස ඉල්ලමින් ඊට අදාළ ආරාධනා පත‍්‍රය ඊයේ දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසට භාරදී තිබෙනවා. ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරියෙකු විසින් එම ආරාධනා පත‍්‍රය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසට භාරදී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එය භාරගෙන ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක අංශ නිලධාරින් විසින්. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ 66 වන සමුළුව කොළඹ කැම්බල්පිටියේදී හෙට (03) පැවැත්වෙනවා. ඒ සදහා නිල ආරාධනාවක් නොලැබුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට පෙර ප‍්‍රකාශ කළා. 

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් සහ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලට එක්ව තරග කිරීමට ඇති හැකියාව පිළිබද සාකච්ඡුා කිරීම මෙහි අරමුණ බවයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.