Saturday, April 27, 2024

General line - 0115112241

 නා උයනේ අරියධම්ම නාහිමියන්ගේ ගුණානුස්මරණයට පින්කම් රැසක් 




අපවත් වී වදාළ  නා උයනේ අරියධම්ම නාහිමියන්ගේ පළමු වර්ෂ පූර්ණ ගුණානුස්මරණය සැප්තැම්බර් 07 වන දිනට දී තිබෙනවා.

ඒ නිමිත්තෙන් පින්කම් රැසක් සංවිධානය කර ඇති බවයි ඇති බවයි වාර්තා වන්නේ.

ඒ නිමිත්තෙන් පැවැත්වෙන  ලේ දන් දීමේ මහා පුණ්‍යකර්මය බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණී ධර්ම පෙරමුණේ  දී සැප්තැම්බර් 07 වන දින ලේ දන් දීමේ පින්කමක් ද පැවැත්වෙනවා.

රාමඤ්ඤ නිකායේ අනුනායක ධූරය ද හෙබවූ උන් වහන්සේ  1939 අපේ‍්‍රල් මස 24 වන දින ජන්මලාභය ලබා  1957 මාර්තු මස 27 වන දින පැවිදි බිමට පත්වුණා.

1959 ජුලි මස 15 වන දින උපසම්පදාව ලත් නා උයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ පසුගිය 2016 වසරේ සැප්තැම්බර් මස 07 වන දින අපවත් වී වදාළා.