Saturday, April 27, 2024

General line - 0115112241

බීමත් රියදුරන්ට වැඩ වරදියි




බීමත් රියදුරන් පරීක්‍ෂා කරන ශ්වසන පරීක්‍ෂණ නළ අනූ දහසක් පොලිස් ස්ථානවලට බෙදා හැර තිබෙනවා.

ඒ, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමේ අරමුණින්.

පොලිස් මූලස්ථානය පැවසුවේ මෙම ශ්වසන පරීක්‍ෂණ නළ දිවයින පුරා පිහිටි සියලු පොලිස් ස්ථාන වෙත බෙදාහැරීමේ කටයුතු අද (05) සිදුකළ බවයි.

ඒ අනුව ඉදිරි දිනවලදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කරනු ඇති.

ඔවුන්ට එරෙහිව අධිකරණයන්හි නඩු පැවරීමටද කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රයද යම් කාලයකට අත්හිටුවීම සඳහා පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලීම් සිදුකරනු ඇති බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.