Friday, April 26, 2024

General line - 0115112241

මුදල් ඇමති සංශෝධන පිළිගන්න සූදානම්




නව දේශීය ආදායම් පනත් කෙටුම්පත සඳහා ඉදිරිපත්වී ඇති සංශෝධන පිළිගැනීමට සූදානම් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අද (07) ඇති වූ සංවාදයකදීයි.

මෙම නව කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ ඒ සඳහා සංශෝධන 70 ක් ඉදිරිපත් කරන බවයි. ඒකාබද්ධ විපක්‍ෂයද සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සංශෝධන විවාදයේදී සලකා බැලිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.