Saturday, April 27, 2024

General line - 0115112241

උතුරු කොරියාව අත්හදා බැලු බෝම්බය ඉතිහාසයේ ලොකුම බෝම්බය වෙයි




උතුරු කොරියාවේ නවතම න්‍යෂ්ටික අත්හදාබැලීම, අමෙරිකාව විසින් හිරෝෂිමාවට හෙළන ලද න්‍යෂ්ටික බෝම්බය මෙන් දස ගුණයක ප්‍රබලත්වයෙන් යුතු බව ජපානය හෙළිකර තිබෙනවා. 

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියානු නවතම න්‍යෂ්ටික අත්හදාබැලීම දැනටමත් කිලෝටොන් 160ක් ඉක්මවා ඇති බවයි.

ඇමෙරිකාව හිරෝෂිමා වෙත හෙළන ලද්දේ කිලෝටොන් 15ක විශාලත්වයෙන් යුතු න්‍යෂ්ටික බෝම්බයක්. 

න්‍යෂ්ටික අත්හදාබැලීම් තහනම් කිරීමේ ගිවිසුම් පිළිබඳ සංවිධානය විසින් උතුරු කොරියානු න්‍යෂ්ටික බෝම්බය පිළිබඳ ඉදිරිපත් කරන ලද වාර්තාවක් හුවා දක්වමින් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

ඒ අනුව උතුරු කොරියානු නවතම න්‍යෂ්ටික අත්හදාබැලීම ඉතිහාසයේ වඩාත් ප්‍රබලතම න්‍යෂ්ටික අත්හදාබැලීම වන බවයි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.