Friday, April 26, 2024

General line - 0115112241

රජයේ සේවකයන්ට 18 ඉඳන් රැකියාවට පැමිණිය යුතු වේලාව මෙන්න 




උදෑසන 7.30 සිට 9.15 දක්වා  ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමට රජයේ සේවකයන්ට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ උදෑසන රථවාහන තදබදයට පිළියමක් වශයෙන්.

මෙම ක්‍රමවේදය මෙම මස 18 වනදා සිට ක්‍රියාත්මක කෙරෙනවා. ඒ රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතිය යටතේයි.

රජයේ කාර්යාල රැසක් පිහිටා ඇති බත්තරමුල්ල ආශ්‍රිතව පළමුව මෙය ක්‍රියාත්මක වනවා

එමෙන්ම ඔවුන් සේවයට පැමිණි වේලාව අනුව නියමිත සේවා පැය ගණන නිමාකොට පස්වරුවේ 3.15 සිට 5.30 දක්වා කාලය තුළ නික්ම යා හැකියි. 

කෙසේ නමුත් සියලුම සේවකයන් පෙරවරු 9.15 සිට 3.15 දක්වා අනිවාර්යයෙන් සේවයට වාර්තා කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සඳහන් කළේ.