Saturday, April 27, 2024

General line - 0115112241

කිලිනොච්චියේ මහින්දෝදය විද්‍යාගාරයක් ගින්නකින් විනාශයි! ගින්න පටන් ගනිද්දී දරුවනුත් ඇතුළේ

වන්නි - රොමේෂ් මධුෂංඛ




කිලිනොච්චිය මුරුසමොට්ටෙයි මුරුගානන්දන් විදුහලේ ඉදිකර තිබූ මහින්දෝදය විද්‍යාගාරයේ පරිඝණක අංශයේ ඇති වූ ගින්නකින් පරිගණක වලට දැඩි හානියක් සිදුව තිබෙනවා.

පරිගනක අංශයේ ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට ඇතයි සැක කෙරෙන අතර ගින්න ඇතිවන අවස්ථාවේදී සිසුන් එහි රැඳි සිටියද එම මොහොතේම ඉවත්වීමත් නිසා කිසිවෙකුටත් හානියක් සිදුව නැත.

කෙසේ වෙතත් ගින්න ඇති වූ අවස්ථාවේදීම පාසලේ කාරය මණ්ඩලයන් හා සිසුන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කිරීමෙන් හානිය අවම කරගැනීමට හැකිව තිබෙන අතර ගින්න හේතුවෙන් පරිඝනක කිහිපයකට හා භාණ්ඩ කිහිපයකට පිලිස්සීම නිසා හානි සිදුව ඇත.