Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර කපාහැරීමට ට්‍රම්ප් ගෙන ආ යෝජනාවට වෙච්ච දේ 




අමෙරිකාවෙන් ශ්‍රී  ලංකාවට ලබාදෙන ආධාරවලින් 92%ක්  කපාහැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව එරට සෙනෙට් කමිටුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම යෝජනාව කර ඇත්තේ ලබන වසර සඳහා වන අයවැය යෝජනාවක් ලෙසයි.

ශ්‍රී ලංකාව ලොව ඇති මුහුදු මාර්ග සන්ධිස්ථාන වලින් අතිශය තීරණාත්මක එකක් බැවින් මෙරටට නිබඳවම සහය ලබාදිය යුතු බවයි අමෙරිකානු සෙනෙට් කමිටුවේ අදහස වී ඇත්තේ.

මෙතෙක් ශ්‍රී ලංකාව සඳහා වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 43ක් පමණ ආධාර එරට රජයෙන් ලබාදුන්නා.

නමුත් මෙවර ඩොලර් මිලියන 3.4ක් පමණක් ලබාදෙන ලෙසයි අමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාව ඉතා වැදගත් භූමිය මුල් කරගත් නාවික සන්ධිස්ථානයක් බැවින් සෙනෙට් කමිටුව ට්‍රම්ප්ගේ යෝජනාව ඉවත දැමුවා.

කෙසේ නමුත් සෙසු රටවල් සඳහා අමෙරිකානු අයවැයෙන් වෙන් කෙරෙන මුදල පිළිබඳ ට්‍රම්ප්ගේ යෝජනා සියල්ල එරට සෙනෙට් කමිටුව විසින් අනුමත කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර මුදල් කිසිසේත් අඩු නොකිරීමටයි අමෙරිකානු සෙනෙට් කමිටුවේ නිර්දේශය වී ඇත්තේ.