Saturday, April 27, 2024

General line - 0115112241

අරුන්දික ජනපති සමග! යළිත් ඇමතිකමක් ලැබෙයි?




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවති ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාද පැමිණ සිටීම විශේෂත්වයක්.

එම උත්සව සභාව ඇමතූ අමාත්‍ය චන්දිම වීරක්කොඩි අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා හැඳින්වූ ආකාරයද එහිදී කතා බහට ලක් වුණා. අතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාට යළිත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවනු ඇති බව එමගින් හැඟී යන බවයි. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍ය චන්දිම වීරක්කොඩිගෙන් විමසීමක් කළා.

"එතුම පෙරළන්න යනවයි කියල ගියා. ආයේ ආව. එතුම අපේ පක්ෂයේ කෙනෙක්නේ. ඇමතිධූරයක් යළි ලැබෙනවද කියලනම් මට කියන්න බැහැනෙ" යැයි එහිදී ඔහු පැවසුවා.