Friday, April 26, 2024

General line - 0115112241

ජයසූරිය..අෂාන් ප්‍රියංජන තරගයේ - පිටිය අසළ බෝම්බ පිපිරීමක් (PHOTOS)




ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළ මරාගෙන මැරෙන  බෝම්බකරුවකු විසින් සිදු කළ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 

ක්‍රිකට් ක්‍රීඩාංගණය අසළ සෝදිසි මුරපොළකදී ඊයේ (13) මෙම පිපිරීම සිදුවුණා.

සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ්, අෂාන් ප්‍රියංජන සහ තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි ද මෙම ක්‍රීඩාපිටියේ පැවති තරගයකට ඊයේ එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් බෝම්බය පුපුරායන අවස්ථාවේ ඔවුන්  ක්‍රීඩාංගනයේ සිට ඈත ප්‍රදේශයක සිට ඇති බවයි වාර්තා වන්නේ.
 
තරගය නිමා කරමින් සනත් ජයසූරිය සහ ෆර්වේස් මහරූෆ් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අශාන් ප්‍රියන්ජන සහ ග්‍රැහැම් ලැබ්රෝයි තවමත් තරගයට සහභාගි වෙමින් සිටිනවා. 

මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවද තර කර ඇති බවයි පවසන්නේ.