Saturday, April 27, 2024

General line - 0115112241

දින 12කට පෙර අතුරුදන්වූ කාන්තාවකගේ මළ සිරුර නිවසේ වැසිකිළිවලෙන් මතුවේ!

අයිරංගි එදිරිසිංහ




කඩුවෙල කොතලාවල පට්ටියවත්ත පිං ළිඳ පාරේ නිවසක පදිංචිව සිට පසුගිය 02දා සිට අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් වැසිකිළි වලක තිබී සොයාගෙන තිබෙනවා.

ලලමි ලේඛනී නම් මෙම කාන්තාව 43 වන වියේ පසුවූ අවිවාහක කාන්තාවක්. පසුගිය දෙවෙනිදා උදෑසන නිවසේ වැඩපල කරමින් සිටියදී ඇය අතුරුදන්ව ඇති බවයි නවගමුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඇයගේ පියා පවසා තිබුණේ. අදාල කාන්තාව මානසික ආබාධයකින් පෙළුණු අයෙකු බවද ඇයගේ පියා පොලිසියට පවසා තිබෙනවා.

අදාල කාන්තාවගේ සොයුරෙකුට දැඩි දුර්ගන්ධයක් දෑනී වැසිකිළි වල සෝදිසි කිරීමේදී මළ සිරුර අද (14)  හමුවී තිබෙනවා.

නවගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.