Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය දඟපන්දු යවන්නෙකු වසර 26ක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි 




ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් නව ක්‍රිකට් වාර්තාවක් බිහිකර තිබෙනවා. 

ඒ, ඔස්ට්‍රේලියාව සමග ඊයේ (21) පැවති එක්දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින්. 

එය වාර්තා පොත් අතරට එක්වුණේ වසර 26කට පසු ඉන්දීය ක්‍රීඩකයෙකු එක්දින තරගයක දී කඩුලු ත්‍රිත්වයක් දවාගත් පළමු අවස්ථාව ලෙසයි. 

ඉන්දියාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් බිඳහෙළු පළමු දඟපන්දු යවන්නා ද වන්නේ කුල්දීප් යාදෙව්. 

වමතින් චයිනමන් පන්දු යවන්නෙකු වන ඔහු මෙම කඩුලු ත්‍රිත්වය දවා ගත්තේ සිය නව වන එක්දින තරගයේදීයි. 

ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවති දෙවන එක්දින තරගය ද ඉන්දියාව ජය ගත්තා. ඒ, ලකුණු 50කින්.