Sunday, April 28, 2024

General line - 0115112241

තමිල්නාඩුවේ මහ ඇමති සිහින අතරේ කමල් හසන් ලංකාව දුටු හැටි




ඉන්දීය දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන කමල් හසන් තමිල්නාඩුවේ මහ ඇමති තනතුර සම්බන්ධයෙන් මේ දිනවල සිහින ලෝකය ජීවත් වන බව වාර්තා වනවා.

ඔහු ක්‍රියාකාරි දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බවයි ඉන්දියා ටුඩේ රූපවාහිනි නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ. දේශපාලනය යනු කටු සහිත ඔටුන්නක් ”යන්න කමල් හසන්ගේ මතයයි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුල තමා දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරතවීමට අපේක්ෂා කරන බව පවසන කමල් හසන් තම සිනමා දිවියේ හොඳම මිතුරා වන රැජිනි කාන්ත්ට ද දේශපාලනයට පැමිණෙන ලෙස  ආරාධනා කර තිබෙනවා.

තමිල්නාඩ්වේ හිටපු මහ ඇමතිනි ජය ලලිතා ජයරාම් තම සිනමා දිවියේ වීර කාන්තාවක් වන අතර  ජ්‍යෙෂ්ඨ  රංගන ශිල්පිනියක් ද වනවා.

ඇය ක්‍රියාකාරි දේශපාලනයේ යෙදි සිටින කාලවකවානුවේ තමන් දේශපාලනයට නොපිවිසියේ ජය ලලිතාට ඇති ගෞරවය හේතවෙන් බවයි කමල් හසන් පවසා තිබෙන්නේ.

ඇයගෙන් තමිල්නාඩුවට ඉටුවූ ජනතා සේවය අද ගිලිහී ගොස් ඇති බව පෙන්වා දෙන කමල් හසන් තමිල්නාඩුවේ ජනතාව වෙනුවෙන් තමන් නායකත්වය ලබාදෙන බව ඉන්දියා ටුඩේ රූපවාහිනි නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පැවසුවා.

එමෙන්ම ශ්‍රීලංකාවේ දමිළ ජනතාව සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලනඥයන් ක්‍රියා කළ ආකාරයෙන් බැහැර වී තමන් කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.