Saturday, April 27, 2024

General line - 0115112241

වතු කම්කරුවන්ට අක්කරයක ඉඩමක්




සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහා රජය කැපවී කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඒ මහනුවරදී අද (24) මාධ්‍ය අමතමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ජාතීන් වශයෙන් හා ආගම් වශයෙන් බෙදි රටේ අනාගතය ශක්මත් කළ නොහැකි බවයි.

සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර සියළු දෙනාට සම අයිතිවාසිකම් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවත් කියා සිටියා.

ඉදිරි මැතිවරණයේ දී අමාත්‍ය මනෝ ගනේෂන් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරිම සඳහා කටයුතු කරන බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී සඳහන් කළා.

මේ අතර වතු කම්කරුවන්ට ඉදිරියේදී සහන රැසක් ලබාදෙන බව ද ඔහු මෙහිදීකියා සිටියා.

ඒ අනුව වතු ආශ්‍රිතව ඇති මුඩු ඉඩම් හඳුනාගෙන ඉන් වතු කම්කරුවන් වෙත අක්කරය බැගින් ඉඩම් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල තවදුරටත් කියා සිටියේ.