Saturday, April 27, 2024

General line - 0115112241

ජපානයට වහාම මහ මැතිවරණයක්




මහ මැතිවරණයක් වහාම කැඳවන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද (25) නිවේදනය කළා.

ඒ අනුව, ලබන බ්‍රහස්පතින්දා ජපාන පාර්ලිමේන්තුව විසිරුවා හරින බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජපාන අග්‍රාමාත්‍යවරයා මෙම නිවේදනය කළේ සිය නිළ කාලය අවසන් වීමට තවත් වසරක් පමණ ඉතිරිව තිබියදීයි.

උතුරු කොරියාවෙන් ඇති වී තිඛෙන තර්ජන හමුවේ ජාතික අර්බුදයක් ඇති වීම වැළැක්වීමට මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.