Friday, April 26, 2024

General line - 0115112241

කාර් වෑන් ත්‍රීරෝද රථ ගැටුමක්! ත්‍රීරෝද රථයේ සිටි එකම පවුලේ 7 ක් රෝහලේ! (PHOTOS)

කාන්චන කුමාර ආරියදාස - දඹුල්ල




දඹුල්ල හබරණ ප‍්‍රධාන මාර්ගයේ එඬේරකන්ද ප‍්‍රදේශයේදී අද (30) පස්වරුවේ වූ රිය අනතුරකින් එකම පවුලේ 7 දෙනකු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවූයේ ත‍්‍රීරෝද රථයක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්. තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන්ගත් පිරිසක් බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ පිරිස මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. අනතුරට ලක්වූ වෑන් රථයේ ගමන් ගෙන ඇත්තේ විදේශිකයකයන් පිරිසක් බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් තිදෙනකු ද වනවා. රථවාහන නීතිවලට අනුව ත්‍රීරෝද රථයක ගමන් කළ හැක්කේ තිදෙනකුට පමණයි. රථවාහන නීති උල්ලංඝනය කරමින් ති‍්‍රරෝද රථවල වැඩිපිරිසක් ගමන් කිරීම හේතුවෙන් ඉකුත් දිනවලදී අනතුරු රැසක් ද සිදුවුණා.