Saturday, April 27, 2024

General line - 0115112241

සිංහයන් යළිත් ක්‍රිකට් පිටියට චමත්කාරය ‍ගෙනා වගයි- පළමු සටනේ ජය පැන් බිව්වේ මෙලෙසයි (UPDATE)




ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 21 කින් ජයග්‍රහණය කළා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 419 ක් ලැබු අතර දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී ලක්ණු 136ක් ලබා ගත්තා. 

සිය පළමු ඉනිම සඳහා ලකුණු 422 ක් ලබා ගත් පාකිථානයට ජයග්‍රහණය සඳහා අද පස්වරුවේ ලකුණු 136ක ඉළක්කයක් හිමි වුණා.

එහිදී පාකිස්ථාන දෙවන ඉනිම ලකුණු 114 ට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර රංගන හේරත් යළිත් සුපුරුදු රිද්මයට පැමිණෙමින් කඩුළු 6ක් දවා ගත්තා.

මේ අතර ටෙස්ට් තඩුලු 400ක් දවා ගත් ලොව පළමු වමත් දඟ පන්දුයවන්නා ලෙස රංගන හේරත් මෙම තරගයත් සමග වාර්තා පොතට එක්වුණා.

400 Rangana Herath

362 Daniel Vettori

297 Derek Underwood

266 Bishan Bedi

188 Shakib Al Hasan

 

 

----------------

දැඩි පීඩනයක් හමුවේ පාකිස්ථානය ජයග්‍රාහී ඉලක්කය හඹා යයි (02-10-2017 16:15)

ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන පාකිස්තාන කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව සිටිනවා. 

අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන පාකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවක පෙර කඩුලූ 05ක් දැවී ලකුණු 63ක් ලබාගත්තා.

පකිස්තාන දෙවන ඉණිමේ මුල් කඩුලූ 03 බිඳ වැටුණේ ලකුණු 16කදීයි. 
රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුලූ 02 බැගින් දවා ගත්තා. 

 

------------------

ශ්‍රී ලංකාවේ සියල්ලන් දෙවන වරටත් දැවේ - පාකිස්ථානයට ජය පැන් බීමට ලැබුණු ඉළක්කය මෙන්න (02-10-2017 13:45) 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු සියල්ල දැවී ලකුණු 138 ක් ලබා‍ ගත්තා. ඒ අනුව පාකිස්ථානයට ලකුණු 136 ක ජයග්‍රහණය සඳහා ඉළක්කයක් ලැබී තිබෙනවා.
--------------------

වැලිකතරේ සටන දැන් තීරණාත්මකයි.. කඩුළු 8 යි - දික්වැල්ලයි ලක්මාලුයි ගැලවීමේ සටනක (02-10-2017 13:23) 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 8 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි සුරංග ලක්මාල් ලකුණු 9 ක් ලබාසිටි අතර නිරෝෂන් දික්වැල්ල එක් ලකුණක් ලබාසිටියා. අද දිනයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 18 කට දැවී ගියා.

ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලූ 5 ක් අතැතිව පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 77 ක් ඉදිරියෙන් සිටිනවා.

----------------------

අවසන් දිනයේ තරගය තීරණාත්මක වෙයි (02-10-2017 07:01)

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (02) අවසන් දිනයයි.

ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටියා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 419 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම ලකුණු 422 ක් රැස් කළා.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ලකුණු 66 ක් ඉදිරියෙන් සිටිනවා. ඊයේ දිනය නිමාවනවිට නොදැවී කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක් ලබා සිටි අතර සුරංග ලක්මාල් නොදැවී ලකුණු 2 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිඩා ලෝලීන්ට තවදුරටත් බලාපොරොත්තුවක් තැබිය හැකි ලෙස පන්දුවට පහරදීමට නියමිතව සිටින්නේ නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා පමණයි.

ඒ අනුව මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට නම් ශී‍්‍ර ලංකා පිතිකරුවන් අද දිනයේ සිය කඩුලූ ආරක්‍ෂා කර ගෙන පන්දුවට පහරදීම වැදගත් වනු ඇති.

------------------------------

පාකිස්තානු පන්දු යවන්නන් ශී‍්‍ර ලංකා මුල්පෙළ බිඳ දමයි (UPDATE)

(01-10-2017 19:13)

පාකිස්තානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 4 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක් ලබා සිටි අතර සුරංග ලක්මාල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න ලකුණු 10 කට දැවී ගිය අතර කෞෂාල් සිල්වා ලකුණු 25 කට දැවී ගියා.

ලහිරු තිරිමාන්න දැවි ගියේ ලකුණු 7 කටයි. පළමු ඉනිමේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල්ට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 7 ක් පමණයි. 

පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 422 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 6 ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 63 ක් ඉදිරියෙන් සිටිනවා.

 

--------------------

පාකිස්තාන පිල ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යයි (01-10-2017 16:05)

 

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යාමට සමත් වුණා.

ඒ අනුව  පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 422 ක්  ලබා ගත්තා

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු  ඉනිමේදී රැස් කළේ ලකුණු 419 ක් පමණයි.

6 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි හැරිස් සොහෙල් නොදැවී ලකුණු 76 යි. අනෙක් අන්තයේ ක්‍රීඩා කළ මොහොමඞ් අබ්බාස් නොදැවී එක් ලකුණක් ලබා සිටියා.