Saturday, April 27, 2024

General line - 0115112241

තම එක්සත් භාවය රැකගන්නා




ස්පාඤ්ඤයේ එක්සත් භාවය රැකගන්නා ලෙස ඉල්ලමින් එරට ජනතාව අද (07) උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා.

, ජනමත විචාරණයකින් පසු කැටලෝනියා ප්‍රාන්තය ස්වයං පාලන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදීයි.

මෙම උද්ඝෝෂණ මාලාව ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් සහ සෙසු නගරවලදී සංවිධාන කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කැටලෝනියා පළාත් පාර්ලිමේන්තුව මගින් එම පළාත් නිදහස් රාජ්‍යයක් බවට පත්විය යුතුද නැද්ද යන්න පිළිබඳ මහජන මතය විමසීමට ජනමත විචාරණයක් ඉකුත්දා කැඳවා තිබුණා.

එහෙත් එය නොපවත්වන ලෙස ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කළේ එම ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරමින්.

කෙසේවෙතත් එම ජනමත විචාරණයේදී ඡන්දය භාවිත කළ ලක‍ෂ 22 ක් පමණ වූ ජනතාවගෙන් සියයට 90 ක් කැටලෝනියාවට නිදහස ලබාදීමට පක‍ෂව ඡන්දය භාවිත කර තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.