Saturday, April 27, 2024

General line - 0115112241

නේට් සුළිකුණාටුව ලූසියානා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල කරයි




නේට් සුළිකුණාටුව අමෙරිකාවේ ලූසියානා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය ලූසියානා ප්‍රාන්තයේ මිසිපිපි නදිය ආසන්නයට පැමිණ ඇත්තේ පැයට කිලෝ මීටර 137ක වේගයකින්.

එරට කාලගුණ විද්‍යා බලධාරීන් නිවේදනය කළේ කුණාටුවේ ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි.

නේට් සුළිකුණාටුව මීට පෙර නිකරගුවා ඇතුළු දූපත් 03කට බලපෑ අතර ඉන් මිය ගිය පුද්ගලයන් ගණන 25ක්.

කෙසේ වෙතත් නේට් සුළිකුණාටුව ඉකුත් මාසයේදි අමෙරිකාවට බලපෑ මරියා සහ අර්මා සුළි කුණාටු තරම් ප්‍රබල නොවන බවයි වාර්තා වන්නේ.

 

----------------------------------

නේට් සුළිකුණාටුව ඇමෙරිකාවේ ප්‍රාන්ත 4කට හදිසි තත්ත්වයක් ඇති කරයි (07-10-2017 22:01)

නේට් සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණුදිග ඇමෙරිකාවේ ප්‍රාන්ත 4කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ ලූසියානා, මිසිසිපි, ඇලබාමා හා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලටයි.

නිව් ඕර්ලන්ඩ් ප්‍රදේශයට මෙහි වැඩි බලපෑමක් ඇති වනු ඇති බවයි ඇමෙරිකානු සුළිකුණාටු මධ්‍යස්ථානය පැවසුවේ.

ආපදා කළමනාකරණය සහා දහසක පමණ පිරිසක් නිව් ඕර්ලන්ඩ් වෙත යැවීමට ද එරට රජය කටයුතු කර තිබෙනවා.

නිව් ඕර්ලන්ඩ් ප්‍රදේශයට  මීට පෙර සුළිකුණාවකින් දැඩි බලපෑම් එල්ල වී තිබුණේ මීට වසර 12කට පමණ පෙරයි.