Friday, April 26, 2024

General line - 0115112241

මෝදිගේ නව පෙම්වතිය විවාහක සිහිනය අභියස




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිව නොබෝ දිනයකදී තමා විවාහක කර ගන්නා බව පවසා කාන්තාවක් සත්‍ය ග්‍රහායක නිරතව සිටිනවා.

ඒ නව දිල්ලී නුවර දීයි.

මාසයකට ආසන්න කාලයක් මෙම කාන්තාව නව දිල්ලි නුවර මෙලෙස සත්‍ය ග්‍රහායක නිරතවී ඇති බවයි ඉන්දිය වාර්තා කියා සිටියේ.

ඇයගේ අතේ මෝදිගේ ඡායාරූප රුසක් ඇති අතර මම මෝදිව විවාහක කර ගන්නවා යනුවෙන් ලියු බෝඩ් කැබලිද ඇති බව සඳහන්.

වයස අවුරුදු 40 ක් පමණ වන ඇය රාජස්ථාන ප්‍රාන්තයේ ජයිපූර්හි වෙසෙන ඕම් ශාන්ති ශාර්මා නම් කාන්තාවක් වනවා.

තම රට කෙරෙහි එක් රාත්‍රියකින් ලෝකයේ අවධානය යොමු කළ මෝදි සමග ජීවත්වීමට තමා ප්‍රිය කරන බවයි ඇය පවසන්නේ.

කෙසේ වෙතත් මාධ්‍ය කණ්ඩායමක් ඇයගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව විවාහක කර ගැනීමට බලාපොරොත්තු වන හේතු විමසා තිබෙනවා.

ඊට ඇය කියා සිටියේ මෝදි රටට සේවය කරනවා මම මෝදිට සේවය කරන්න කැමති යන්නයි.

තමන් මෝදිගේ මිල මුදල් හෝ ප්‍රසිද්ධියට පෙම් නොකරන බවත් ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම කාන්තාව මීට පෙර විවාහක වූ අයෙකු වන අතර ඇයට වයස අවුරුදු 20 දියණියක් ද සිටිනවා.