Friday, April 26, 2024

General line - 0115112241

ටෙස්ට් කඩුලූ 100ක් බිඳ හෙළු ලොව ළාබාලතම ක්‍රීඩකයා කගිසෝ රබාඩා




ටෙස්ට් ක්‍රිකට් කඩුලූ 100ක් බිඳ හෙළු ලොව ළාබාලතම පන්දු යවන්නන් අතර පස්වැන්නා බවට පත්වීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සමත් වී තිබෙනවා.

, බංග්ලාදේශය සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉණිම් දෙකේ දී කඩුලූ 10ක් බිඳ හෙළමින්.

කගිසෝ රබාඩා මේ වනවිට 22 වන වියේ පසුවනවා.

ඊයේ (08) දැක්වූ මෙම දස්කමත් සමඟ ඔහු මෙම වසර තුළ පමණක් ටෙස්ට් කඩුලූ 50ක් බිඳ හෙළා තිබීම ද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව ඊයේ (08) බංග්ලාදේශයට එරෙහිව ලකුණු 254ක ජයක් ලබාගත්තා.

එය සැලකෙන්නේ 2001 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ලකුණු 229ක ජයග්‍රහණයෙන් පසු දකුණු අප්‍රිකාව වාර්තා කළ ඉහළම ජයග්‍රහණය ලෙසයි.