Friday, April 26, 2024

General line - 0115112241

ආර්ථිකය ගැන කතා කරන්න  ඩෘඩෝ අමරිකාවට සහ මෙක්සිකෝවට 




කැනඩා අගමැති ජස්ටින් ඩෘඩෝ දින හතරක නිල සංචාරයක් සඳහා අමරිකාවට සහ මෙක්සිකෝව බලා යාමට නියමිතව තිබෙනවා.

ඒ තම රටේ ආර්ථිකය හා ආරක්ෂාව සම්බන්ධයෙන් අමරිකාවට සහ මෙක්සිකෝ නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමට බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

මෙහිදී කැනඩා අගමැතිවරයා  ආර්ථිකය සන්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරනු ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම උතුරු අමරිකානු ආර්ථික සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමටයි අගමැති ජස්ටින් ඩෘඩෝ මෙම සංචාරය මගින් අපේක්ෂා කරනවා.

කැනඩා අගමැති ජස්ටින් ඩෘඩෝගේ අමරිකානු සාකච්ඡා වටය වොෂින්ටන් නුවර පවත්වන අතර එහිදී අමෙරිකානු ආර්ථික විශ්ලේෂකයන් මෙන්ම ජනාධිපති ට්‍රම්ප් ද හමුවීමට නියමිතයි.

ඉන් අනතුරුව මෙක්සිකෝව බලා යන අගමැති ඩෘඩෝ එරට ජනාධිපතිවරයා සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි විදෙස් වාර්තා කියා සිටියේ.