Friday, April 26, 2024

General line - 0115112241

මොහු දුටු සැනින් මීගමුව පොලිසියට කියන්න!




අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 24ක් පමණ වටිනා භාණ්ඩ වංචා කළ තැනැත්තකු සොයාගැනීමට මහජන සහය පතනවා. මීගමුව සී.එම් ප්‍රනාන්දු මාවතේ කුලීපදනම මත නිවසක පදිංචිවී සිට ඇති මොහු, 84/2 ජලාශය පාර, සියඹලාතැන්න, ගලේවෙල ලිපිනයේ පදිංචිකරුවකු ලෙස ඔහු ව්‍යාජ ජාතික හැඳුන්ම්පත සකසා තිබෙනවා. හේරත් මුදියන්සේලාගේ සුසන්ත කුමාර නමින් මෙම ව්‍යාජ හැඳුන්ම්පත සකසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේනම් මතු සඳහන් දුරකතන අංක ඔස්සේ මීගමුව පොලිසියට දැනුම් දෙන්න. 0312227210, 0772607118, 0775856604