Friday, April 26, 2024

General line - 0115112241

තායිවාන් බැංකු කොල්ලයට සම්බන්ධ තව දෙදෙනෙක් සොයා CIDය පරීක්ෂණ අරඹයි




තායිවානයේ බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළු වී මුදල් වංචා කිරිමේ සිද්ධියට සම්බන්ධ තවත් ශ‍්‍රී ලාංකිකයෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරම්භ කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට නියමිත ශ‍්‍රී ලාංකිකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති බවටයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කර ගෙන ඇත්තේ. තායිවානයේ 

ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප‍්‍රහාරයක් එල්ල කර අමෙරිකානු ඩොලර් මිලියන 60ක් වංචා කිරීම් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරෙනවා. එම මුදලෙන් ඩොලර් මිලියන 1.1ක කොටසක් ශ‍්‍රී ලංකාවේ බැංකුවකට පේ‍්‍රෂණය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.