Saturday, April 27, 2024

General line - 0115112241

හර්තාලය උතුර අඩපණ කරයි! (PHOTOS)

මාධව කුලසූරිය - වව්නියාව




දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් අද(13) උතුරු පළාතේ හර්තාලයක් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පැවසූවේ දෙමළ ජාතික සන්ධානය, විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය ඇතුළු දේශපාලන සංවිධාන 19 ක් සිවිල් සංවිධාන 50 ක් අදාළ හර්තාලය වෙනුවෙන් සහයෝගය පළකොට තිබෙනව බවය. වවුනියාව,යාපනය, මන්නාරම,කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ වෙළඳ සැල් වසා දමා තිබෙනවා. හර්තාලයට සහයෝගය පළ කරමින් උතුරු පළාත පුරා ධාවන කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථද ධාවනයෙන් ඉවත්වී සිටින ආකාරයක් දක්නට ලැබිණ.

රජයේ කාර්යාල සහ පාසල් විවෘත්තව ඇති බවයි අප වාර්තාකරු පැවසුවෙ. එහෙත් නගරබද පාසසල් වෙත ළමුන් පැමිණ නැතැයි ඔහු පවසනවා.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීම කණගාටුවට කරුණක් වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් පවසනවා.
ඔහු පවසන්නේ  දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය වහාම පියවර ගත යුතු බවය.