Saturday, April 27, 2024

General line - 0115112241

බාධක හමුවේ ඉදිරියට යනවා (UPDATE)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අධිකරණ නියෝගයක් කඩකරමින් උද්ඝෝෂණයක නිරත වූ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඊයේ (16) ඇප මත මුදාහැරුණු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යළිත් උද්ඝෝෂණයකට සූදානම් වනවා.

නාමල් රාජපක්ෂ සහ ඩී.වී. චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ද මෙම පිරිසට ඇතුළත්.

ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක කියා සිටියේ කුමන ආකාරයේ බාධක හමුවේ වුවද තමන්ගේ සටහ අත්නොහරින බවයි.

රට පුරා ධීවර වරායන් පෞද්ගලීකරණය කිරීමේ කටයුතු ආණ්ඩුව දැනටමත් ආරම්භ කර ඇතැයි ද මෙහිදී ඔහු කියා සිටියා.

නාමල් රාජපක්ෂ සහ ඩී.වී. චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ සමග ඉකුත්දා උද්ඝෝෂණයේ නිරත වූ තවත් 32 නෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත ගතව සිටිනවා.

අදාළ උද්ඝෝෂණය සිදුකෙරුණේ හම්බන්තොටදීයි.

------------------------

නාමල්ට ඇප නොදෙන ලෙසට අධිකරණයට ලිපියක් ? (16-10-2017 18:52)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ලබාදීමට එරෙහිව තමන් විසින් කිසිඳු ලිපියක් අධිකරණය වෙත යොමු නොකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එවැනි ලිපියක් සම්බන්ධයෙන් තමා කරුණු නොදන්නා බවයි ඔහු කියා සිටියේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් එවැනි ලිපියක් යොමු කරන්නනේ නම් එය තමා විසින් හෝ ජනාධිපතිවරයා විසින් අත්සන් තැබිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

 

හම්බන්තොට විරෝධතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ලබාදීමට ඉදිරිපත්කර තිබු සුවිශේෂී කරුණු වලට හරස් වෙමින් සන්ධානයේ ප්‍රබලයන් ලිපියක් මගින් අධිකරණය වෙත කරුණු දක්වා තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (16) කියා සිටියා.

 

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කළ විමසීමක දී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ලිපිය වෙනත් පාර්ශවයක් විසින් සිදුකර ඇති ද යන්න පිළිබඳව තමන් විමර්ශනයක් සිදුකරන බවයි.

 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට රුසියාවේ පවත්වන ලෝක තරුණ උළෙල සඳහා ලැබූ ආරාධනා පුද්ගලික ආරාධානයක් බවට අධිකරණය වෙත ලිපියක් යොමු වී තිබු බවයි.

එමෙන්ම එම ලිපිය මගින් එය හුදෙක් විනෝද චාරිකාවක් බවටද අර්ථකථනය වී තිබු බව ද මන්ත්‍රිවරයා කියා සිටියා.

නමුත් මෙම තරුණ සමුළුව තරුණයෙකු හට ලැබෙන ඉතාම දුර්ලබ ඉතා වටිනා අවස්ථාවක් බවත් තමන්ද කියුබාවේ හවානා නගරයේ පැවතී තරුණ සමුළුවකට සහභාගි වූ බවත් ඒ වැනි දෙයකට දේශපාලන පක්ෂයක ප්‍රධානින් මේ ආකාරයෙන් ලිපියක් අධිකරණයට හෝ පොලිසියට ඉදිරිපත් කර තිබෙන්නේ නම් ලජ්ජාවට මෙන්ම කණගාටුවට කාරණාවක් බවයි පාර්ලමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.

-----------------------

ඇප ලැබුණු නාමල් කිව්වේ මේ විදිහටයි  (16-10-2017 18:14)

 

රටේ ජාතික දේපල විදේශීකයන්ට අලෙවි කිරිමට එරෙහිව තමන් සිදුකර සටන අතැරදමා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන්ගෙන් පලි ගැනීමේ පිණිස අහිංසක පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකුට අද (16) ඇප නියම කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ හා ඩී වී චානකට මෙන්ම පළාත් සභා මන්ත්‍රි සම්පත් අතුකෝරලට ඇප ලබා දී ඇත්තේ රුසියාවේ පැවැත්වෙන විශේෂ සමුළුවකට සහභාගී වීම සඳහායි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකු අධ්‍යාපනය ලබන බැවින් ඔවුන්ට ඇප නියම කෙරුණා.

ඇපමත නිදහස් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත මේ පිළිබඳ අදහස් දැක්වා සිටියා.

--------------------------

නාමල්ට ඇප ලැබෙද්දී තවත් 30කට වැඩි පිරිසක් යළිත් ඇතුළට (16-10-2017 12:40)

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් 06 වැනිදා හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් පිරිස අද (16) දින යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අද පෙරවරුවේ පිරිස හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදීයි.   

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර, පලාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර, හිටපු මේජර් අජිත් ප්‍රසන්න සහ තවත් සැකකරුවන් 29 දෙනෙක් ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතූලූ 08 දෙනකුට අද ඇප නියම වුණා.

--------------------------

නාමල් සමග දෙදෙනෙකුට ඇප (UPDATE)

(16-10-2017 11:25)

අද (16) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කරනු ලැබුවා.

ඒ නාමල් රාජපක්ෂ, ඩී.වී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සම්පත් අතුකෝරළ පළාත් සභා මන්ත්‍රිවරයෙකුටයි.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 03ක් මත ඔවුන් තිදෙනා මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

අදාළ නඩුව තවදුරටත් විභාග වෙමින් පවතිනවා.

--------------------------------------

නාමල් ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි (PHOTOS)

16-10-2017 10:06

 

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් 06 වැනිදා හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අද (16) පෙරවරුවේ හම්බන්තොට අධිකරණය පැමිණියා.

ඉකුත් 10 වැනිදා ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට කැඳවා තිබූ පිරිස එහිදී අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අද දිනය දක්වායි.