Friday, April 26, 2024

General line - 0115112241

එක්දින තරග පරදින හේතු කිහිපයක් නායක උපුල් තරංග කියයි

කසුන් කැළුම් අබුඩාබි සිට




එක්දින තරග දිගින් දිගටම පරාජයට පත්වීමට හේතු කිහිපයක් බලපා ඇතැයි ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අබුඩාබි නුවර සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින්. 

"අවසන් වසර දෙක අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒක අපිට ලොකු අඩුපාඩුවක්. එක තරගයක් හොඳින් ක්‍රීඩා කරනවා..ඊට පස්සේ අපිට ආයේ ඒ කරන දේවල් ටික අමතක වෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ට ගොඩක් දේවල් වෙනස් වුණා..ක්‍රීඩකයන් මාරු වුණා.. ආබාධ ඇති වුණා..මේවත් බලපෑවා."

පාකිස්තානු කණ්ඩායම සමග ඩුබායි කී‍්‍රඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී පිතිකරුවන් ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. අංක 3 ස්ථානයේ ක‍්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අංක 5 ස්ථානයට කැඳවා, අංක 3 ස්ථානයට දිනේෂ් චන්දිමාල් කැඳවීම ඊට හේතුවයි. 

එම තරගයේ දී එවැනි තීරණයක් ගත්තේ මන්දැයි නෙත් ස්පෝර්ඒස්මන් උපුල් තරංගගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ "දිනේෂ් චන්දිමාල් අංක 03ට ක්‍රීඩා කළේ ඔහු ටෙස්ට් තරගාවලියේ හොඳින් ක්‍රීඩා කරපු නිසයි. කුසල් මෙන්ඩිස් ලකුණු අතර හිටියේ නැහැ. අවාසනාවකට අපේ ඒ උපක්‍රමය සාර්ථක වුණේ නැහැ. කොහොම වුණත් අපි උපරිම උත්සහ කරන්නේ පිතිකරුවෙකුට එක ස්ථානයක් ලබා දෙන්න.. නැතිනම් ඔහුටත් සාර්ථක වෙන්න අමාරුයි." යනුවෙනි. 

ශ‍්‍රී ලංකා පාකිස්ථාන දෙවන එක්දින කි‍්‍රකට් තරගය අබුඩාබිහි ෂෙයික් සෙයිඩ් ක‍්‍රීඩාංගනයේදී අද (16) පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ ශ‍්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ටයි.