Saturday, April 27, 2024

General line - 0115112241

“විශ්වවිද්‍යාල ඉගැන්විය යුතු කරුණුත් පාසැල්වලට දාලා” - ඇමති කඩිනම් වෙනසකට නායකත්වය දෙන්න සූදානම්ලු (PHOTOS)




විශ්වවිද්‍යාල මට්ටමින් ඉගැන්වීමට අවශ්‍ය විෂය කරුණු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතැම් විෂය නිර්දේශයන්ට ඇතුලත් කර ඇති බවට චෝදනා එල්ල වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු කියා සිටියේ ඇතැමුන් විවිධ ගුරුකුල කණ්ඩායම් ආරක්ෂා කරමින් කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.

 එම තත්ත්වය වහා වෙනස් කිරීමට තමන් නායකත්වය ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍ය අවධාරණය කළේ.

අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් විෂයමාලා නවීකරණයන් වර්තමානයේදී සාර්ථකව සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් එහි වගකීම අනාගතයේ දී භාරගන්නේ කවුදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා නව ලොව ජයගත හැකි පරිදි අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කාලය දැන් උදාවි ඇති බව ද පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (15) අවසන් වූ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්.