Friday, April 26, 2024

General line - 0115112241

මතු පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරිම කාගෙත් වගකීමයි




පරිසරය සංරක්ෂණය වෙනුවෙන් රට තුළ ක්‍රියාත්මක කළ යුතු සෑම වැඩපිළිවෙලක්ම ප්‍රමාදයකින් තොරව ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මතු පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම සියලූ දෙනාගේ වගකීමක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ නීල හරිත යුගයක් ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද එක්වෙමින්.

නීල හරිත යුගයක් ජාතික වැඩසටහන අද (16) සහ හෙට (17) දෙදින පුරා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.