Saturday, April 27, 2024

General line - 0115112241

ගල්කිස්ස කලහකාරී සිද්ධියේ දී අත්අඩංගුවට ගත් අයට ඇප




ගල්කිස්ස ප්‍රදේශයේ ඉකුත් දා ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පස් දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ සිද්ධියට අදාළ සැකකරුවන් හත් දෙනෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉන් සැකකරුවන් පස් දෙනෙකු ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 03ක් මත නිදහස් කෙරුණා.

අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගල්කිස්ස මහේත්‍රාත් අධිකරණය නියෝග කළේ.