Friday, April 26, 2024

General line - 0115112241

පළාත් සභා තුනකට කඩිනමින් ඡන්දය පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

නොච්චියාගම-එම්.එම්පි.ජී.පෙරේරා




ඉකුත් දා විසුරුවා හරින ලද උතුරු මැද පළාත් සභාව ඇතුලුව පළාත් සභා තුන සදහා වු ජන්දය කඩිනමින් පැවැත්වීමට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුලු නීතීඥ කණ්ඩායමක් මෙම නඩුව පැවරීම සදහා අලුත්කඩේ උසාවි සංකීර්ණයට පැමිණි බවයි ඔහු කියා සිටියේ.

ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන යහපාලන ආණ්ඩුව දවසින් දවස මහජනතාවගේ සියලු අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින අවස්ථාවක ජන්ද අයිතිය ඉල්ලා තමන් ඇතුලු කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බවද උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය වැඩිදුරටත් පැවසුවා.