Friday, April 26, 2024

General line - 0115112241

මාලදිවයිනේ ජනාධිපති ඝාතන තැත ගැන ලාංකිකයෙකුගෙන් සාක්ෂි ගන්න යයි




මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමීන් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට පැවැත්වෙන පරීක්‍ෂණයකට අදාළව ශී‍්‍ර ලාංකිකයෙකුගෙන් සාක්‍ෂි ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය අද (17) ඉල්ලීමක් කළා.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහගෙන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය සහයෝගය ලබාදෙන ලෙසටයි මාලදිවයින් රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා ඇත්තේ.

එම ඉල්ලීමට අනුව යසසිරි ධනුෂ්ක පෙරේරා නැමැත්තාගේ සාක්‍ෂි සටහන් කර ගැනීමට අවශ්‍ය බව පොලීසිය හරහා අධිකරණ අමාත්‍යාංශය අධිකරණයට අද දැනුම් දුන්නා.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා මේ වනවිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන බවයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර විභාගය නොවැම්බර් 24 වැනිදාට කල් දැමුණා.