Saturday, April 27, 2024

General line - 0115112241

සයිටම් ගැන අවසන් තීරණය ලබන සතියේ




සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ අවසන් තීරණය ලබන සතියේ ප‍්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ අද (19) පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

මේ අතර, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සයිටම් වසා දැමීමෙන් තොර  ඕනෑම විස`දුමක් පිළිගැනීමට සූදානම් බවයි. ඒ, අදාළ ගැටලූව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විමසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.