Saturday, April 27, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට ලියුමක් ලියු උතුරු කොරියාව




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඈත් වී සිටින ලෙස උතුරු කොරියාව ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු රජය  පවසන්නේ උතුරු කොරියාව විශේෂ ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

උතුරු කොරියාව විනාශ කර දමන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අදාල ලිපියෙන්  දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කර කර ඇති බවයි ඕස්ට්‍රේලියානු රජය  පෙන්වා දී ඇත්තේ.

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසන්නේ මෙම ලිපිය වෙනත් රටවලට ද යවා ඇති බවයි.

ඉන්දුනීසියාවේ පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය හරහා  මෙම ලිපිය යොමුකර තිබෙනවා.

උතුරු කොරියාවේ උත්තරීතර ජනතා සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව විසින් මෙය ලියා ඇති බවයි ඕස්ට්‍රේලියානු රජය  වැඩිදුරටත් කියා සිටියේ.

ට්‍රම්ප් පරිපාලනයේ සාහසික ක්‍රියාවන්ගෙන් ඉවත් වී සිටින ලෙසට අනෙකුත් රාජ්‍යන්ට ඉල්ලීමක් කර ඇති අතර ඉදිරියේදී භයංකාර න්‍යෂ්ටික විනාශයක් සිදුවිය හැකි බව ද එම ලිපියෙන් දන්වා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් වැඩිදුරටත් පවසන්නේ ජපානයට, දකුණු කොරියාවට සහ ඇමරිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින් උතුරු කොරියාව විසින් මේ වන විටත් උණුසුම්කාරී වාතාවරණයක් බිහිකර ඇති බවයි.

චක්‍රලේඛයක් ලෙසින් මෙම ලිපිය තවත් රටවල් කිහිපයකට යවා ඇති බවයි අගමැති ටර්න්බුල් පවසා ඇත්තේ.