Friday, April 26, 2024

General line - 0115112241

මානව හිමිකම් හෝ යුද නීති කඩකළ කිසිවෙක් වීරයෙක් නොවේ




මානව හිමිකම් හෝ යුද නීති කඩකළ කිසිවෙක් වීරයෙකු ලෙස සැළකිය නොහැකි බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රිෆ් පවසනවා.

දින කිහිපයක් ශ‍්‍රී ලංකාවේ රැඳී සිට කළ නිරීක්ෂණවලින් පසු අද (23) මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔහු මේ බව පැවසුවේ.

යුද විරුවන් සම්බන්ධයෙන් අධිකරණමය ක‍්‍රියාමාර්ග නොගන්නා බවට දේශපාලනඥයන් ලබා දෙන පොරොන්දු පවා නීතිය හමුවේ වරදක් වන බවයි ඔහු කියා සිටියේ.

යුද්ධයේ අවසාන කාලයේ සිදුවීම් සම්බන්ධයෙන් සැකය දුරු කළ හැක්කේ විශ්වසනීය විමර්ශනයකින් පමණක් බවද ඔහු කියා සිටියා.

ඒ සඳහා වූ ක‍්‍රියාවලිය තවමත් අපේක්ෂිත මට්ටමට ළඟා වී නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් තැනැත්තන් පිළිිබඳ විමර්ශන කටයුතු සඳහා විශේෂ කි‍්‍රයාවලියක් අවශ්‍ය බවද එක්සත් ජාතින්ගේ නියෝජිතයා පෙන්වා දුන්නා. ශ‍්‍රී ලාංකික දේශපාලනඥයන් මෙරටදී ලබා දෙන දේශපාලන පොරොන්දුවලින් ජාත්‍යන්තරය බැඳී නොසිටින බවයි ඔහු අවධාරණය කළේ.