Friday, April 26, 2024

General line - 0115112241

ශාසනාභිවන්දනා සාර්ථකව නිමාව දකී (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝව වාර්ෂිකව සංවිධාන කරන ශාසනාභිවන්දනා වැඩසටහන අද (04) සාර්ථකව අවසන් වුණා. මෙම වැඩසටහන ඉකුත් 28 වනදා ආරම්භ වුයේ නැදිමාල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදියි.

සතියක් පුරා පැවති මෙම වැඩසටහන හොරණ දෙකඳවල භික්‍ෂුණි පුහුණු මධ්‍යස්ථානයේදී නිමාවට පත් වුණා. ශාසනාභිවන්දනා වැඩසටහන නිමාවට පත්වීමෙන් පසු නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය කිරම විමලජෝති හිමියන් මෙලෙස අදහස් දැක්වුවා.

------------------------------------------------

ශාසනාභිවන්දනා වැඩසටහනට එක් වූ පිරිස අදත් විශේෂ වත්පිළිවෙත්වල

02-11-2017 10:40

නෙත් එෆ්.එම්. රේඩියෝව වාර්ෂිකව සංවිධාන කරන ශාසනාභිවන්දනා වැඩසටහනේ තවත් එක් අදියරක් අද (02) දිනයේදී සිදු කෙරුණා.

තෝරාගත් කාන්තාවන් පිරිසකට තාවකාලිකව පැවිද්ද ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා.

අද දිනයේ දී නක්කාවත්තේ අසරණ සරණ බුද්ධපරායන හිමියන් විසින් පිරිසට දහම් කරුණු කියා දුන්නා.

එමෙන්ම මෙම පිරිස විශේෂිත භාවනා වැඩසටහනකටද සහභාගී වුණා.

පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද හිමියන්ගේ වැඩමවීමෙන් ද විශේෂ ධර්ම දේශනයක් සහ ධර්ම සාකච්ඡාවක් මෙම පිරිස වෙනුවෙන් පැවැත්වුණා.

ඉකුත් 30 වැනිදා කොටියාගල සීවලි ස්වාමීන්වහන්සේ වැඩම කළ අතර එහිදී ද වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

 
 

---------------------------------------

ශාසනාභිවන්දනා වැඩසටහනට එක් වූ පිරිස විශේෂ ධර්ම සාකච්ඡාවකට (UPDATE) (PHOTOS)

(29-10-2017 11:20)

නෙත් එෆ්.එම්. රේඩියෝව වාර්ෂිකව සංවිධාන කරන ශාසනාභිවන්දනා වැඩසටහන ඊයේ (28) ආරම්භ වුණා. 

තෝරාගත් කාන්තාවන් පිරිසකට තාවකාලිකව පැවිද්ද ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා.

ඒ අනුව එම පිරිස අද (29) දිනයේදී පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් වැඩවෙසෙන ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිඛේතනයේදී විශේෂ ආගමික වැඩසටහන් රැසකට සහභාගී වුණා.

එහිදී මෙත් නෙත් පාමුල යටතේ ධර්ම දේශනා සහ ධර්ම සාකඡ්චා සඳහා මෙම පිරිස එක්ව සිටියා. ධාතූන් වහස්සේ නමස්කාරය කිරීම සඳහාද මෙහිදී අවස්ථාව සළසා දී තිබුණා. 

 

-------------------------------------

නෙත් එෆ්එම් ශාසනාභිවන්දනා වැඩසටහන යහපත් සමාජයක් බිහි කිරිමේ මූලස්ථානයක් (PHOTOS)

(28-10-2017 12:33)

නෙත් එෆ්එම් රේඩියෝව වාර්ෂිකව සංවිධාන කරන ශාසනාභිවන්දනා වැඩසටහන අද (28) ආරම්භ වුණා.

තෝරාගත් කාන්තාවන් පිරිසකට තාවකාලිකව පැවිද්ද ලබාදීම මේ යටතේ සිදුකෙරෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙහිවල නැදිමාල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ පූජ්‍ය කිරම විමලජෝති හිමියන් කියා සිටියේ නෙත් එෆ්එම්  නාළිකාව විසින් සිදුකරනු ලබන මාධ්‍ය මෙහෙවර ඉතාමත් අගය කොට සලකන බවයි.

යහපත් සමාජයක් බිහිකිරිම සඳහා මෙවැනි ක්‍රියා විශාල ශක්තියක් වනු ඇති බවද උන්වහන්සේ කියා සිටියා.

නෙත් එෆ්එම් රේඩියෝව සිදුකරන මෙම වැඩසටහන කාලීන අවශ්‍යතාවක් බවයි පූජ්‍ය කිරම විමලජෝති හිමියන් වැඩිදුරටත් පෙන්වාදුන්නා.

එහි ඡායාරූප පහත දැක්වේ.