Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට




මෙරට මුහුදු සීමාව උල්ලංගණය කර ධීවර කටයුතු වල නිරතවූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ, උතුරු නාවික විධානයට අයත් වේග ප‍්‍රහාරක යාත‍්‍රා මගින්. ඩෙල්ෆ් දූපතට උතුරු සහ බටහිර දෙසින් වූ ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු ප‍්‍රදේශවලදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැණුනා. ඒ, ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රා 03ක්ද සමගයි.

අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත‍්‍රා හා අනෙකුත් ධීවර උපකරණ කරෙයිනගර් හි පිහිටි ශ‍්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත භාර දී තිබෙනවා. අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමටද කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.