Friday, April 26, 2024

General line - 0115112241

අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගාමිණී සෙනරත්ගෙන් පෙත්සමක්




මහේස්ත්‍රාත් උසාවියක දැනට සිදු කෙරෙමින් පවතින පරික්ෂණයක් සම්බන්ධයෙන් තමා පොලිස් මූලය අපරාධ කොට්ඨසය මගින් අත් අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියොගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම්පෙත්සමක් ගොනු කළා.

ඔහුට අමතරව  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂක පියදාස බාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් යන දෙදෙනා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයිට් රිජන්ට් හොටෙල් ව්‍යාපෘතිය සඳහා 2012 වර්ෂයේ කැබිනට් අනුමැතිය මත වෙන් කළ රුපියල් බිලියන 18.5 මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට හයිටි රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතියට ලබාදෙමින් රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු මෙම තිදෙනාට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයේ කරුණු වාර්තා කර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම තිදෙනා සැකකරුවන් ලෙසට නම් කොට ඇති අතර ඔවුන්ට විදේශ ගත වීම තහනම් කරමින් පසුගිය දා නියෝගයක් ද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නිකුත් කර තිබුණා.