Saturday, April 27, 2024

General line - 0115112241

සයිටම් නිසා දෙමාපියන් කරන්න හදන දේ මෙන්න

කසුන් කැළුම්




සයිටම් ගැටළුවට සාධාරණ විසදුමක් ඉල්ලා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ලබන සඳුදා (06) එම උපවාසය ආරම්භ කරන බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (03) කැදවූ මාධ්‍ය හමුවකදි කියා සිටියේ.

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ගත හැකි උපරිම ක්‍රියා මිර්ගය ගැනීමට දෙමාපියන් සූදානම් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු හමුවුණා. එහිදී එම සංගමය කියාසිටියේ සයිටම් අර්බුදය විසදීමට ජනාධිපතිවරයා මැදිහත්වීම ඛෙහෙවින් අගය කරන බවයි. එම ගැටළු විසදීමට රජයේ යෝජනාවලිය ඇතුළත් කි්‍රයාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස එම සංගමය ඉල්ලීමක් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.