Saturday, April 27, 2024

General line - 0115112241

බොරු ප්‍රචාර එපා

කසුන් කැළුම්




යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගෙනයාමෙන් වළකින්නැයි එක්සත් ජාතික පක‍්ෂය ඒකාබද්ධ විපක‍්ෂයෙන් ඉල්ලීමක් කරනවා.

සිරිකොත පක‍්ෂ මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියා.

රටක ව්‍යවස්ථාවක් වෙනස් විය යුත්තේ දේශපාලන පක‍්ෂයක හෝ පුද්ගලයෙකුගේ බලය ගැන නොසිතා බවයි මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.