Friday, April 26, 2024

General line - 0115112241

රාජිත කියන්නේ බොරු! රාජිතගේ කතාවට නිමල්ගෙනුත් දොස්!




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා සිදුකළ ප‍්‍රකාශයට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා. මෙම රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය බේරුවල ආසනය සදහා එක්ව තරග කිරීමට සූදානමින් සිටින බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉකුත්දා ප‍්‍රකාශ කළේ. මෙම ප‍්‍රකාශය නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා. 

මේ අතර කිසිදු අවස්ථාවක මැතිවරණයක් සදහා එක්ව තරග කිරීමට සිය පක්‍ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග සාකච්ඡා නොපැවැත් වූ බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා කළ එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව කියාසිටියා. ඒ, පානදුර ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින්.