Friday, April 26, 2024

General line - 0115112241

ඉදිරි දින තුනේදී කාලගුණයේ වෙනසක්! විමසිල්ලෙන් පසුවන්න




ඉදිරි දින තුනේදී දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට සිට මඩකලපුව, ති‍්‍රකුණාමලය සහ කංකසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප‍්‍රදේශවලට තද වැසි අපේක්‍ෂා කළ හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්වලදී එම මුහුදු ප‍්‍රදේශවල විටින් විට හමන තාවකාලික තද සුළං පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එවන් අවස්ථාවන්වලදී එම මුහුදු ප‍්‍රදේශ රළු වියහැකි බැවින් ඒ පිළිබද විමසිලිමත් වන ලෙස ධීවර හා නාවික ප‍්‍රජාවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.