Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්ධන අර්බුදය පිට පළාත්වලත් - කිලෝමීටර් ගණන් දිග පෝලිම් (PHOTOS)




පසුගිය දින කිහිපයක සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට දැඩි බලපෑමක් එල්ල කළ ඉන්ධන අර්බුධය මේ වන විට පිට පළාත්වලටද බලපා තිබෙනවා.

ඒ අනුව මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කයේද දැඩි ඉන්ධන අර්බුදයක් මතුව ඇති බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ බොහෝ ඉන්ධනහල් තුළ මේ වන විටත් පෙට්‍රල් අවසන් වී ඇති බවත් මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව ඇති බවත් වාර්තා වුණා.

මේ අතර දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසක් පැවතියද මේ වන විට එක් ඉන්ධන පිරවුම්හලක පමණක් පෙට්‍රල් නිකුත් කරමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුව නිසා එම ඉන්ධන පිරවුම්හල අසළ ඊයේ (06) පස්වරුවේ සිටම විශාල පෝලිම් දැක ගැනීමට හැකි බවයි වාර්තා වුණේ.

පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ගේ වැඩිවීම නිසා සියලු දෙනාටම සාධාරණය ඉටුකර දීම සඳහා එම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරු විසින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ඒ අනුව මෝටර් රථයකට රු.1000.00 ක  ඉන්ධන ප්‍රමාණයක්ද යතුරුපැදියකට රුපියල් 500 ක  ප්‍රමාණයක්ද බෝතල් සහ විවිධ කෑන් සඳහා රුපියල් 300ක ප්‍රමාණයක් ද ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල් තුළද මේ වන විට දිගු පෝලිම් ඇති වී තිබෙනවා.

වව්නියාව දිස්ති‍්‍රක්කයේ තිබෙන ඉන්ධන පිරවුම්හල් නවයෙන් ඉන්ධන පිරවුම්හල් පහක් ඉන්ධන තොග නොමැතිවීමෙන් වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කියාසිටියේ.