Saturday, April 27, 2024

General line - 0115112241

දවස් 02ක් තිස්සේ මියගිය අම්මාගේ සිරුරට තුරුළුව සිටි බිළිඳෙක් පොලිසිය සොයා ගනී




අභිරහස් අයුරින් මියගිය එක් දරු මවකගේ මළ සිරුරක් හා ඒ අසළ නිරුපද්‍රිතව සිටි අවුරුදු එකහාමරාක් වයසැති දරුවකු ඊයේ (09) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලිසිය සොයාගෙන තිබෙනවා. අම්බලංගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාව මියගොස් තිබුණා.
 
මෙලෙස අභිරහස් අයුරින් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ඉඩම්තොට කුලී නිවසක පදිංචිව සිටි (22) හැවිරිදි එක් දරු මවකි. 

මියගිය කාන්තාවගේ මව ලබා දුන් දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා සිය දියණිය පිළිබඳ සොයා බැලීමට ඇයගේ නිවසට පැමිණිමෙදී නිදන කාමරය තුළ ඇඳ මත මියගොස් සිටි දිණියත් නිරුපද්‍රිතව සිටි දරුවත් දුටු බව ඇය පොලිසියට දැනුම් දී තිබෙනවා.
 
කාන්තාව 07 හෝ 08 මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. බලපිටිය මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වු ස්ථානයට පරීක්ෂණ සඳහා පැමිණි අතර, දේහය ඇල්පිටිය මුලික රෝහලට යවා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකු යටතේ පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙසට පොලිසියට නියෝග කළා.