Saturday, April 27, 2024

General line - 0115112241

ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට (UPDATE)




ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාව අද (10) සමත් වුණා.  ඒ, එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමිර් රාජ්‍ය යොවුන් කණ්ඩායම සියලූ දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 66ක් පමණයි. කඩුලූ 03ක් පමණක් දැවී තරගය ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 27යි. පන්දු යැවීමේ දී ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වුණේ තිසරු රෂ්මිකයි. ඔහු ලකුණු 17කට කඩුලූ 04ක් බිඳ හෙළුවා.

තරගාවලිය පැවැත්වෙන්නේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදීයී. 

 

-----------------------------------------------------------

ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලිය අද ඇරඹේ

10-11-2017 09:06

ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාව අද සමත් වුණා.  ඒ, එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමිර් රාජ්‍ය යොවුන් කණ්ඩායම සියලූ දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 66ක් පමණයි.

කඩුලූ 03ක් පමණක් දැවී තරගය ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 27යි. පන්දු යැවීමේ දී ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වුණේ තිසරු රෂ්මිකයි. ඔහු ලකුණු 17කට කඩුලූ 04ක් බිඳ හෙළුවා. තරගාවලිය පැවැත්වෙන්නේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදීයී. 

ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී අද (10) ආරම්භ වනවා. කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව අටක්. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ කමිදු මෙන්ඩිස් මෙවර ශී‍්‍ර ලංකා යොවුන් පිලට නායකත්වය ලබාදෙනවා.

බී කාණ්ඩයෙන් තරග වදින ශී‍්‍ර ලංකාව එහිද පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග තරග වැදීමට නියමිතයි. එ් කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක මැලේසියාව, බංග්ලාදේශය, නේපාලය සහ ඉන්දියාවයි. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 3ක් පැවැත්වෙනවා. ශී‍්‍ර ලංකා යොවුන් පිල සමගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යද අද තරග වැදීමට නියමිතයි.

සත්කාරක මැලේසියානු යොවුන් පිල සමගින් ඉන්දිය යොවුන් පිලත්, ඇෆ්ගනිස්ථාන යොවුන් පිල සමගින් පාකිස්තානු යොවුන් පිලත් අද තරග වැදීමට නියමිතව තිබෙනවා. 

ආසියානු යොවුන් තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 16 සහ 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. අවසන් මහ තරගය ක්වාලාලම්පූර් නුවර කින්රාරා ඇකඩමි  ඕවල් කී‍්‍රඩාංගණයේදී ලබන 19 වැනිදා පැවැත්වෙනවා.