Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු කාන්තා පිලට පළමු ද්විත්ව ශතකයක් (PHOTO)




ඕස්ට්‍රේලියාව හා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත් වෙන දිවා රාත්‍රි කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඒ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා එලිස්පෙරි විසින් ලබා ගත් ද්විත්ව ශතකයත් සමගයි.

මෙය දිවා රාත්‍රි කාන්තා ටෙස්ට් තරගයකදී ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකයක් ලෙස ඉතිහාසයට එක් වනවා.

මෙම තරගයේ දී ඇය නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 213ක්.

මෙම තරගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවත්වෙනවා.