Friday, April 26, 2024

General line - 0115112241

අමාත්‍යංශ 28ක්ම 'ස්ථාවර වත්කම්' යාවත්කාලීන කර නෑ 

සමන්ත කුමාර 




අමාත්‍යංශවල ස්ථාවර වත්කම් ලේඛන පවත්වාගෙන යාම දුර්වල බව රාජ්‍ය ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට අද (13) ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණ කර තිඛෙනවා. 

එහි දැක්වෙන්නේ අමාත්‍යංශ 50ක් අතරින් 28කම ස්ථාවර වත්කම් යාවත්කාලීන කර නොමැති බවයි. 

2015 වසරට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව කළ විමර්ශනවලට අනුව මෙම වාර්තාව ඉදිරිපත් කෙරුණා. 

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කළ යුතු සියලූ ආයතන ආවරණ වන පරිදී වාර්තාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාවද මෙය වන බවයි එහි සභාපති ලසන්ත අලගියවන්න පැවසුවේ. 

විමර්ශනයට ලක් කල ආයතන ගණන 842ක්. 

නිර්ණායක කිහිපයක් යටතේ ඒවාට ලකුණු ලබා දීමක් ද සිදු කර තිඛෙනවා. 

එහිදී ආයතන 10ක් ලබා ගෙන ඇත්තේ ලකුණු 30කටත් වඩා අඩුවෙන්. 

ආයතන 340ක් ලකුණු 90කට වඩා ලබා ගෙන තිඛෙනවා.